Tuesday, October 22, 2013

COMPUETER Lessons,

ආචයනය හෙවත් දත්ත තැම්පත් කිරිම හෝ ගබඩා කිරිම  (STORAGE)


ආචයනය ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.

  • ප්‍රාථමික ආචයන ඒකකය (Primary Storage)
  • ද්විතීයික ආචයන ඒකකය (Secondary Storage)
                         ප්‍රාථමික ආචයන ඒකක, අර්ධ සන්නායක (Semiconductors) භාවිත කරමින් නිෂ්පදනය කරනු ලබන අතර ද්විතීයික ආචයන ඒකක නිෂ්පදනය සඳහා චුම්භක තාක්ෂණ (Magnatic technology) හෝ ප්‍රකාශ තක්ෂණය (Optical technology) භාවිත කරනු දක්නට ලැබේ.
                        ප්‍රාථමික ආචයනයේ මූලික කාර්යය වනුයේ මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය කරනු ලබන දත්ත සැපයීම සඳහා තාවකාලික ව තැම්පත් කර තබා ගැනීම යි. ද්විතීයික ආචයනයේ මුලික කර්යය වනුයේ අනගතයට අවශ්‍ය වන දත්ත, උපදෙස් හා තොරතුරු තැම්පත් කර තබා ගැනිම යි.

පරිගණක මතකය  (Computer Memory)

       පරිගණක මතකය මූලික ආකාර 3කට බෙදා වෙන් කළ හැකිය.


පරිගණක මතකයේ ඇති ගති ලක්ෂණ සැලකිල්ලට ගෙන රූපය 03හි ආකරයට වර්ග දෙකකට වෙන් කළ හැකිය.

නෂ්‍ය මතකය (Volatile Memory)

                    නෂ්‍ය මතකයේ විශෙෂ ලක්ෂණය වන්නේ එහි තැම්පත් කර ඇති දත්ත සහ තොරතුරු පරිගණකයේ විදුලිය විසන්දි වීමත් සමග ම විනාශ වී යාමයි. ඉහතින් දක්වන ලද සසම්භාවි පිවිසුම් මතකය අයත් වන්නෙ ද මෙම නෂ්‍ය මතක වර්ගයටයි. එනම් සසම්භාවි පිවිසුම් මතකයේ තැම්පත් කර ඇති සියලු දත්ත හෝ තොරතුරු පරිගණකයේ විදුලිය විසන්ධි විමත් සමග ම විනාශ වේ.



1 comments:

Compueter Lessons, ~ Aud Inc.- All Things In Cosmos-Audcybercosmos.Org >>>>> Download Now

>>>>> Download Full

Compueter Lessons, ~ Aud Inc.- All Things In Cosmos-Audcybercosmos.Org >>>>> Download LINK

>>>>> Download Now

Compueter Lessons, ~ Aud Inc.- All Things In Cosmos-Audcybercosmos.Org >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment

PLEASE DONATE US TO [GET A DOMAIN]

FB recommend

FB Comments

GLOBAL VIEWERS

Blog Archive